පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ, මහ මැතිවරණය අප්‍රේල් 25

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නියමියි. ඒ අනුව නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය මැයි මස 14 වෙනිදා රැස්වීමට නියමිතව තිබෙනවා.

මහ මැතිවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම මාර්තු මස 12 සිට 19 වෙනිදා අතර සිදුකරන බවයි එම අති විශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *