පාර්ලිමේන්තුවට ගිය ජනපති ක්‍රිකට් අර්බුදයට විසඳුම කියයි

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවැති හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ක්‍රිකට් අර්බුදයට හොඳම විසඳුම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා විසින් කෙටුම්පත් කර ඇති ඇති නව ක්‍රිකට් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම බවය.

ජනපති එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ තමන් කිසිදු පැත්තක් නොගන්නා බවත් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පෙනී සිටින බවත්ය.

මේ අතර ICCයට පටහැනිව ක්‍රියාත්මක නොවී සිටීමට වගබලාගතයුතු බවද ජනපති අවධාරණය කර ඇත.

අතුරු කමිටු වැනි පැලැස්තර විසඳුම්වලින් ඵලක් නොවන බව පවසා ඇති ජනපති සඳහන් කරන්නේ නව ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි පාලනය සඳහා ඊට අදාළ මණ්ඩලයක් දැමිය යුතු බවත් ජනපති එහිදී සඳහන් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *