ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුමෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්“ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක තුමා වෙත දැනුම් දී තිබේ.
ඒ අතර ජනාධිපති මාධ්‍යය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ජනාධිපති තුමා විසින් දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බව ය.