ප්‍රදේශ කිහිපයක ජනතාවට කළු ගඟේ ජල මට්ටම පිළිබඳව අනතුරු ඇඟවීම්

කළු ගඟ ද්‍රෝණියේ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මිලි මීටර් 175 කට අධික වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්ද නුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කළු ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම බලපෑම ඉදිරි පැය 24 ඉක්මවා පවතිනු ඇති බවට ද එම දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් නිකුත් කරන ලදි..

අවදානම් ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *