ෂැශේ පැකට්, කෘමිනාශක අසුරන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා පවසන්නේ ඒවා තහනම් කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි.
එමෙන්ම අදාළ ප්ලාස්ටික් වර්ග තහනම් කිරීම පිළිඹද ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහාද අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කරඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.