පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කිරීම හෙළා දකින අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තවලින් පරීක්ෂාවකින් තොරව පැමිණීමට ලබාදී ඇති වරප්‍රසාද ඉවත් කළ යුතු බවයි.
පසුගියදා හම්බන්තොට පැවති රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ එය හොරකමට සහ වංචාවකට සමාන බවයි. අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට සහය පළ කරන බවද ඔහු පැවසීය.
“මගේ අදහස නම් මේ වගේ පාර්ලිමේන්තු වරප්‍රසාද ඉවත් කළ යුතුයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් සාමාන්‍ය මගී පර්යන්තයකින් ඇවිත් සාමාන්‍ය මගීන් වගේ පරීක්‍ෂා කරන්න පුළුවන්.විදේශ රාජ්‍ය අමුත්තන්ට ප්‍රභූ පර්යන්තවලින් ජනාධිපති වගේ තනතුරුවලට වරප්‍රසාද දුන්නට කමක් නැහැ. අගමැතිකම අදාළයි.නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එවැනි වරප්‍රසාද අවශ්‍ය නැහැ,” අමරවීර අමාත්‍යවරයා පැවසීය.