පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 73ක ජල ධාරිතාවෙන් භාවිතයට ඇත්තේ අක්කර අඩි 8,30,000ක ජල ධාරිතාවක් පමණක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සුදර්ශි විදානපතිරණ මහත්මිය පැවසුවාය.
ඇය මාධ්‍ය වෙත කියා සිටියේ ජලයෙන් සියයට 27.8ක් භාවිතයට ගත හැකි බවයි.
“සම්පූර්ණ ජලාශ අතරින් 62 ක ජල ධාරිතාව සියයට 50 ට වඩා අඩු බවත්, හම්බන්තොට, අනුරාධපුර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජලාශ 14 ක ධාරිතාව සියයට 10 ට අඩු බවත්” ඇය පැවසුවාය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ අක්කර ලක්ෂ 8ක භෝග වගා කෙරෙන අතර, යල කන්නයේ වී වගාවෙන් අක්කර 5,86,960ක් අත්පත් කරගෙන ඇත. අමතර භෝග 71,400ක් ගොඩබිම් වල වගා කර ඇත. අද වන විට මුළු භෝගවලින් සියයට 60 ක අස්වැන්න එකතු කර ඇති අතර වගා බිම්වලින් සියයට 95 ක අපද්‍රව්‍ය මුදා හැරීම අවසන් කර ඇත.
පවතින අයහපත් නියං තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් සහ ගොවීන්ගෙන් ඉල්ලීමක් කළා.