පළාත් පාලන මැතිවරණය කල් දැමීම කිසිවිටෙකත් නිර්දේශ නොකරන බව පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අද ප්‍රකාශ කළේ තමන් පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට මැදිහත් නොවූ බවත් ශ්‍රී ලංකාවේ එම මැතිවරණ කල් දැමීමට කිසිවිටෙක නිර්දේශ නොකළ බවත්ය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki පැවසුවේ මෙම ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවයි.

එම මුදල් ලබා දීම රුපියල් බවට පත් කර රජයේ ණය සහ අනෙකුත් වියදම් ගෙවීමට යොදා ගත හැකි බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *