පළාත් පාලන මැතිවරණයට අරගලය ක්‍රියාකාරීන් පිරිසක් බැලුනය ලකුණින් තරග කරයි.

‘අරගලය’ ජනතා ව්‍යාපාරයේ කි‍්‍රයාකාරීන් පිරිසක් ‘බැලූනය’ ලකුණින් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිතයි.

ක්‍රියාකාරිකයෙකු වන දනේෂ් අලි මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මෙම කණ්ඩායමේ අරමුණ පළමුව කොළඹ බලය තහවුරු කර පසුව එහි ක්‍රමය වෙනස් කිරීම බවයි.

ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ලේකම් මහින්ද දේවගේ මාධ්‍ය වෙත කියා සිටියේ එම කණ්ඩායම මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

පක්‍ෂය එම ක්‍රියාකාරී කණ්ඩායමට සහාය පළ කරන බවත් කොළඹ මහ නගර සභාවට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවත් සඳහන් කළ ඒ මහතා කොළඹ අයිති අරගලයට බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *