පළමු පාවෙන සූර්ය ව්‍යාපෘති ගිවිසුම අත්සන් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන සූර්ය බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුමකට කොරියානු තාක්‍ෂණ දියුණුව සඳහා වූ ආයතනය (KIAT) සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අද අත්සන් කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවේදනය කළේය.

ට්විටර් ගිණුමට සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ Floating Solar මෙගාවොට් 1 බැගින් වූ ව්‍යාපෘති 2 ක් සංවර්ධනය කිරීම සඳහා KIAT විසින් USD මිලියන 5.2 ක ප්‍රදානයක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලබා දුන් බවයි.

කොරියානු ඉංජිනේරු සමාගම විසින් සංවර්ධනය කිරීමට නියමිත මෙම ව්‍යාපෘති සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරි ඉබ්බන් වැව ආශ්‍රිතව සංවර්ධනය කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2024 දෙසැම්බර් වන විට ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *