පසුගියදා පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට මූලික වූ ගල මාර්ගයෙන් ඉවත් කිරීමට ප්‍රමාද කළ සියලූ පාර්ශ්වයන්වලට එරෙහිව නීතිය මගින් කටයුතු කරන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා පස්සර පොලිසියට උපදෙස් දී ඇත.
මේ සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර මුසම්මිල් මහතා පවසා සිටියේ බස්රථ අනතුර වූ ස්ථානය අසල පැවති කළුගල මාර්ගයෙන් ඉවත් කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරියට අවස්ථා කීපයකදීම උපදෙස් දී තිබුණත් එම කළුගල මාස හයකට ආසන්න කාලයක් ඉවත් කිරීමට නොහැකිව තිබුණේ ඇයිද යන්න සොයා බලන ලෙස තමා පොලිසියට උපදෙස් දුන් බවයි.
එමෙන්ම මෙවැනි අනතුරුදායක ස්ථාන සම්බන්ධයෙන් සොයා බලා අනතුරක් සිදුවීමට පෙර ඊට අවශ්‍ය පිළියම් යොදන ලෙසටත් තමා අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බවද ඒ මහතා දන්වා සිටියි.