ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දන්වා සිටියේ මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා මතුවිය හැකි බවයි. පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්රවල ජල ධාරිතාවය පහළ බසිමින් ඇති බව ඊට හේතුව ලෙස ඔවුන් පවසයි.
ජල සැපයුම සම්බන්ධයෙන් යම් ගැටලුවක් වෙතොත් 1939 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ දැනුම් දෙන්නැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි