පවතින ක්‍රමය මට වෙඩි තිබ්බා උද්දික

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පැවසුවේ තමා ඉලක්ක කර වෙඩි තැබීම මෙරට පවතින ක්‍රමය නිසා සිදුවූවක් බවයි.

තමා ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

‘‘වෙඩි තැබුවේ කවුද කියන එකට වඩා මට වෙඩි තියන්න තියෙන ක‍්‍රමය බලපෑවා කියලා මම හිතනවා.අපි දන්නවා මේ ක‍්‍රමය වැරදියි.සමාජ ක‍්‍රමය, දේශපාලන ක‍්‍රමය ඔක්කොම වැරදියි.මේ පවතින තත්ත්වය නිසා රට දැන් අර්බුදයක පද්ධති.

“ජනතාවයි දේශපාලන නායකත්වයයි දෙකම ක්‍රියා කළ යුතුයි මේ ක්‍රමය වෙනස් කරන්න.ඒ වෙනස කරනකම් අපිට කවදාවත් මේ රට දියුණු රටවල් මට්ටමට ගේන්න බැහැ.ඒ ක්‍රමය මෙතැනට යොදන්න කියලත් අපි ඉල්ලා සිටිනවා.ඒ නිසාම , අපිට තර්ජන එල්ල වෙනවා, අපි නවක මන්ත්‍රීවරුන් ලෙස එම වෙනස සඳහා ඉදිරියටත් කටයුතු කරනවා,” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *