පරිසර අමාත්‍යාංශය, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු, මහජන ආරක්ෂාක අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි රජයේ ආයතනවල වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත වූ පරිසර විනාශ කිරීම් සිද්ධීන්වලට කඩිනමින් සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක විය හැකි ඒකකයක් පිහිටුවීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අමාත්‍යවරයා මෙම යෝජනාව සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුවේ රැස්වූ පරිසර කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදීයි.
මෙම ඒකකයට සමගාමීව පරිසර විනාශය සම්බන්ධයෙන් රට තුළ ව්‍යාජ ප්රවෘත්ති සංසරණය වැළැක්වීමටත්, ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන වැදගත් ප්රවෘත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත් මාධ්‍ය ඒකකයක්ද ස්ථාපනය කළ යුතු බවයි එම උපදේශක කාරක සභාවේ තීරණය වී ඇත්තේ.
මීට අමතරව වැලි මිලදී ගැනීම සහ අලෙවිය රාජ්‍ය ආයතනයක් වන තාක්ෂණික සමාගමක් මගින් සිදුකිරීමටත් මෙම උපදේශක කාරක සභාවේදී අවධානය යොමු වුණා. එමෙන්ම වැලි ගොඩ දැමීම සදහා අඩු ආදායම්ලාභීන් වෙත අවස්ථාව ලබාදී ඔවුන්ට සාධාරණ මුදලක් උපයා ගැනීමට අවස්ථාව සලසා දෙන බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ.