Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනපතිගේ දැඩි අවධානය

පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනපතිගේ දැඩි අවධානය

දිවයිනේ සියලුම නාගරික හා ග්‍රාමීය පෙදෙස්වල පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ. ජනහිතකාමී පරිසර පද්ධතියක් සහතික කිරීමෙන් මහජනතාවගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍ය තත්වය නැංවීම, නාගරික රථවාහන තදබදය අඩුකිරීම සහ රථවාහන අනතුරු ද අඩුකර ගැනීමට පිළිවෙන.

පවතින නීතිරීති උල්ලංඝණය කරමින් පරිසරය අපවිත්‍ර කරන්නන්නට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. පරිසර පවිත්‍රතාව කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල පරිසර ආරක්ෂණ කොට්ඨාශ දැනුවත් කිරිමට ද උපදෙස් දී ඇත.

ජනාධිපති විශේෂ ව්‍යාපෘති හා පරිසර ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවැති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරිණ. පොලිස් පරිසර කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඊට එක්ව සිටියහ.

කොළඹ නගරය සංචාරක ආකර්ෂණය දිනා ගත් පිරිසිදු නගරයක් බවට පත් කර ගැනීම සාකච්ඡාවේ අරමුණු අතර විය. ජනහිතකාමී පරිසරයක් පවත්වාගෙන යාම සදහා ඇති බාධා හඳුනාගනිමින් ඒවාට විසඳුම් ද යෝජනා කෙරිණි. කසල බැහැර කිරීමට නියමිත ස්ථාන නොතිබීම, අවිධිමත් කසල බැහැර කිරීම, නිලධාරී හිඟය මෙන්ම පළාත් පාලන ආයතන ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් එම කටයුතු සඳහා නොයෙදීම වැනි ගැටළු ඒ අතර විය. ඇතැම් ප්‍රදේශ පිරිසිදු කිරීම සඳහා නිශ්චිත ආයතනයක් නොතිබීම ද ගැටලුවකි. මේ කරුණු පිළිබඳව අදාල පළාත් පාලන ආයතනය දැනුවත් කිරීමට යෝජනා විය.

පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනාධිපතිතුමා බලයට පැමිණි වහාම පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාශය ප්‍රතිස්ථාපනය කිරීමට උපදෙස් දුන් බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *