පරාටේ සංශෝධනය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති යම් දේපලක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට අදාල බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග 2024-12-15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමටත් ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත් අංශෝධනය කිරීමටත් 2024-2-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ( විශේෂ විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇති අතර එම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් ආර්ථික ස්ථායීකරණ  හා ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *