නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ රාජකාරි කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට නියෝග

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ (ඩීඅයිජී) රාජකාරි ඉටු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නියෝග කර තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ IX පරිච්ඡේදයේ 135 වගන්තිය යටතේ 2023.09.27 දින සිට බලපැවැත්වෙන පරිදි එම රාජකාරි සිදුකරන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.ඩී.ජේ විජේසේකර, බදුල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.එස්.පී.සී වෙදමුල්ල සහ කොළඹ දකුණ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එච්.මාරපන යන මහත්වරුන්ට නියෝග කළේය. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *