පොලිස් විශේෂ කාර්‍යාංශ දිශාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී.ඒ. ධනපාල මහතා 2024.02.29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කෙරේ.
මාතර දෙයියන්දර ජාතික පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය පන්ති සාමාර්ථයක් ද සහිතව සමත් වී 2001.02.01 දින ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙක් වශයෙන් ශ්‍රී ලංකා පොලිසියට එක් වී ඇත.
කොළඹ, කුලියාපිටිය, වවුනියාව, තංගල්ල, ආදී ප්‍රදේශවල හා පොලිස් විශේෂ කාර්‍යාංශය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය ආදි කොට්ඨාශවල සේවය කර ඇත. මොහු 2007 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමි කරගෙන තිබේ.
ඇ.එ.ජ., ඕස්ට්‍රේලියාව, ජපානය, සිංගප්පූරුව, මහා බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, බ්‍රසීලය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව ආදී රටවල පුහුණු පාඨමාලා, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදියට සහභාගී වෙමින් ජාත්‍යන්තර අත්දැකීම් රැසක් ලබා ඇත.
2013 වර්ෂයේ දී වසරක කාළයක් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක පොලිස් සේවයේ ද රාජකාරි කර ඇත.
පොලිස් සේවය තුළ දී මේ දක්වා පොලිස් දක්ෂතා පදක්කම ඇතුළු පදක්කම් 9 ක් දිනාගෙන ඇත. අවස්ථා 10 ක දී පොලිස්පති ප්‍රශංසා හිමි කර ගෙන ඇත. මොහු සේවය කළ සේවා ස්ථාන අවස්ථා කිහිපයක ම ජාතික ඵලදායීතා සම්මානයෙන් පිදුම් ලබන්නට අවශ්‍ය නායකත්වය ලබා දී ඇත.