සීදුව, වැත්තෑව ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් ගෙල සිර කර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ වූ ප්‍රධාන සැකකාරිය වසර තුනකට පසු ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් වී තිබේ.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණ කාන්තාවක් වන මෙම සැකකාරිය, 2022 සැප්තැම්බර් 14 වැනි දින සිදු වූ මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ වී ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
2022 සැප්තැම්බර් 14 වැනි දින සිදු වූ මෙම ඝාතනයෙන් මියගියේ සීදුව වැත්තෑව ප්‍රදේශයේ ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නැඳගමුවේ මහානාම හිමියන් බව පොලිසිය නිවේදනය කර තිබේ. මෙම ඝාතනය සිදුකර ඇත්තේ එම විහාරස්ථානයේම වැඩවාසය කළ හිමිනමක් විසින් බවත්, එම හිමිනම සමඟ විදේශගත කාන්තාවක් සබඳකම් පවත්වා කුමන්ත්‍රණය කර මෙම විහාරාධිපති හිමිනම ඝාතනය කර ඇති බවත් පොලිස් විමර්ශන මගින් අනාවරණය කරගෙන තිබේ.