කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුව අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ සත් පුද්ගල කමිටුව අද (25) පස්වන වරටත් රැස්වීමට නියමිතව තිබේ.
එම කමිටුවේ සභාපති, වරාය අමාත්‍යාංශ ලේකම් යු.ඩි.සී ජයලාල් මහතා සඳහන් කළේ, වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ජපානය සහ ඉන්දියාව සමග ඇති කරගත් අවබෝධතාවන්ට අදාළ යෝජනාද එහිදි අධ්‍යයනය කිරීමට නියමිත බවයි. එම අධ්‍යයනවලින් අනතරුව කමිටු වාර්තාව කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන බවත් ඒ මහතා සඳහන් කර සිටියි.