කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ආයෝජනය කිරීමට තම පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, ඔවුන් සමග එක්වී එම පර්යන්තය සංවර්ධනය කිරීම නිවැරදි තීරණයක් බවත් හිටපු අමාත්‍ය නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසනවා. රට තුළට මෙවැනි ආයෝජන ගෙන ඒමෙන් ආර්ථිකය ගොඩනැංවිය හැකි බවයි ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.
හම්බන්තොට වරාය චින සමාගමකට ලබාදිමේදි එවකට විපක්ෂය එයට තදින් විරුද්ධ වුවත් තමන් මෙවැනි සංවර්ධන කටයුතු තුලින් දේශපාලනය නොකරන බවත්, මෙවැනි ආයෝජන තවදුරටත් රටට ආ යුතු බවටයි ඒ මන්ත්‍රීවරයා එම රැස්වීමේදී පවසා සිටියේ.