නාවලපිටියේ අනවසර ගල්කොරි 22ක් තහනම් කරයි

නාවලපිටිය ඉඹුල්පිටිය වත්ත හෝල්ගම ප්‍රදේශය තුළ  වසර 15කට අධික කාලයක් පුරා රජයට අය විය යුතු බදු නොගෙවා කැණීම් බලපත්‍රද නොමැතිව අනවසරයෙන් පවත්වාගෙන ගිය ගල් වලවල් විසි දෙකක් තහනම් කර තිබේ.

එමෙන්ම ඒවා පවත්වාගෙන  ගිය හිමිකරුවන් විසි දෙදෙනකු ද  අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොළ විශේෂ කාර්යය බලකා නිලධාරීන් හා භූ විද්‍යා හා පතල් කාර්යාංශ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.

නාවලපිටිය හෝල්ගම ප්‍රදේශය පතුරු ගල් සඳහා ප්‍රචලිතව ඇති අතර කළුගලින් නිමවන ලද ටයිල් ඇතුළු විවිධ නිර්මාණ සඳහා මෙම ප්‍රදේශය තුළ ඇති ගල් විශේෂය ප්‍රසිද්ධව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *