නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව බදුල්ල, කෑගල්ල, රත්නපුර, මහනුවර සහ මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුමුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, ඇහැලියගොඩ, වැලිගෙපොල, ඕපනායක, කොලොන්න, ඇලපාත, කුරුවිට, බලංගොඩ, ගොඩකවෙල, කහවත්ත, නිවිතිගල, පැල්මඩුල්ල, අයගම, කිරිඇල්ල සහ ඉඹුල්පෙ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ උඩුදුම්බර, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද එම අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *