කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක තුනේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) ඊයේ ඇම්බර් මට්ටමේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. ගාල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයකට 01 මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.
අද (04) පෙරවරු 08.30 දක්වා කාලය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළේය.
නිරිතදිග මෝසම් තත්ත්වය රට හරහා ක්‍රියාකාරීව පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
කළුතර, කෑගල්ල සහ රත්නපුර යන ප්‍රදේශවල ඇති විය හැකි නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, කැපුම් කඩා වැටීම් සහ පස් ගිලා බැසීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.