නාමල් ක්‍රීඩා නේවාසිකාගාර වලට නොදන්වාම යයි

කොළඹ, ටොරිංටන්හී පිහිටි, ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ක්‍රීඩක නේවාසිකාගාර නිරීක්ෂණය කර බලමින් ඒවායේ පවතින අඩුපාඩු හා ගැටලු සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැමිණ තිබේ. ඒ කිසිදු පූර්ව දැනුම්දීමක් සිදු කිරීමෙන් තොරවයි.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් නිරීක්ෂණය කර ඇති බවත්, කඩිනමින් එම අදාළ අඩුපාඩු නිරාකරණය කරන ලෙසටත් ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට උපදෙස් දී ඇති බවට තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *