නාගරික සංවර්ධන අධිකාරියට මේ වසර ඇතුළත ආයෝජකයින්ගෙන් රුපියල් බිලියන 45ක ව්‍යාපෘති යෝජනා ලැබී ඇති අතර දැනට ඒවායින් ව්‍යාපෘති 14ක ඉදිකිරීම් සිදු කෙරේ. නාගරික සංවර්ධන අධිකාරියට අනුව කොළඹ, නුවරඑළිය සහ ඒකල ප්‍රදේශවල ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් බිලියන 35ක් පමණ වේ.
ඒ අනුව කොළඹ කොටුවේ චාමර්ස් ග්‍රැනරීස් ඉඩම සංවර්ධනය කිරීම, කොළඹ පිහිටි පැරණි ගොඩනැගිලිවල සුඛෝපභෝගී සංචාරක හෝටල් ඉදිකිරීම, විනෝද උද්‍යාන සංවර්ධනය, තානායම් සංවර්ධනය, බේරේ බටහිර මිශ්‍ර සංවර්ධන සැලැස්ම වැනි සංවර්ධන ව්‍යාපෘති. කොළඹ වැව, ගබඩා පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මකයි.
ඉදිරි මාස කිහිපය තුළ මෙම සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත. මීට අමතරව සෘජු විදේශ ආයෝජන යටතේ සංවර්ධන ව්‍යාපෘති හතරක් ආරම්භ කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. විසුම්පාය ගොඩනැගිලි සංවර්ධනය සහ කන්කසන්තුරේ නව විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඒ අතර ප්‍රධානයි.
මෙම ව්‍යාපෘතිවල ආයෝජන වටිනාකම රුපියල් බිලියන 10 කි. නාගරික සංවර්ධන අධිකාරියට පසුගිය වසර දෙක තුළ සංවර්ධන ව්‍යාපෘති 31ක් සඳහා ආයෝජන යෝජනා ලැබී ඇති අතර ආයෝජන සඳහා ව්‍යාපෘති අටක් නිකුත් කර ඇත. මුළු ආයෝජන වටිනාකම රුපියල් මිලියන 33,841 කි. මේ රටේ විශාල ඉඩම් ප්‍රමාණයක අයිතිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙනවා. රණතුංග අමාත්‍යවරයා කියා සිටියේ මෙම ඉඩම් ඵලදායී ලෙස ආයෝජනය සඳහා යොදා ගත යුතු බවයි. මෙම ප්‍රයත්නය තුළින් රට මුහුණ දී සිටින ආර්ථික ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.