පසුගියදා සභාවාර අවසන් වූ පාර්ලිමේන්තුව නැවත 2020 ජනවාරි 3වනදා රැස්වීමට නියමිත අතර නව පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම බලාත්මක වනු ඇත. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂයේ ඉදිරිපෙළ අසුන්වල 8 වන අසුන වෙන් කර ඇති අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂයේ ඉදිරිපෙළ 7 වන අසුන වෙන් කර තිබේ.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට නියමිත අතර ජනාධිපතිවරයාට ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 8 වන අසුන වෙන් කර ඇති බව සදහන්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපෙළ 7 වන අසුනත් සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර සදහා සුපුරුදු පරිදි පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 6 වන සහ 5 වන අසුන් පනවා තිබේ.
අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය මත පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ අසුන් පනවා ඇති බව වාර්තාවේ.
සෙසු පක්ෂ නායකවරුන්ගේ අසුන්වල වෙනසක් සිදුකර නොමැති බව වාර්තාවේ.