නව සමෘද්ධිලාභීන් බඳවා ගැනීමේදී දේශපාලන හැඳුනුම්කම් සැලකිල්ලට නොගෙන විනිවිධභාවයෙන් යුතු නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව විවිධ හේතුන් මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ඉවත්ව යන සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වෙනුවට සුදුසුකම්ලත් නව පවුල් ප්‍රතිලාභීන් ලෙස එක්කර ගැනීමට නියමිත අතර, ඒ සඳහා වන චක්‍රලේඛය පසුගිය 11 වනදා නිකුත් කර තිබේ.
මෙම වැඩපිළිවෙල යටතේ කඩිනමින් නව සමෘද්ධිලාභීන් එක් කරගැනීම ආරම්භ කෙරෙන අතර 2021 මාර්තු මස 01 දා සිට ඔවුන් වෙත සහනාධාර පිරිනැමීම ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මෙම නව සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා පත්කර ගැනීමට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනය කළ ප්‍රවෘත්ති නිවේදනය පහතින් දැක්වේ.