නවතම තාක්ෂණ අමාත්‍යංශය ජනපති අතට.

“තාක්ෂණය මත පදනම් වන සමාජයක්” බිහි කිරීම  යන “සෞබාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති වලට අනුකූලව පසුගියදා සිදුකල අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර නිර්මාණ කල ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගෙන තිබෙනවා.

මෙම නව අමාත්‍යංශයන්හී ප්‍රමුඛතාවයන් ලෙස විෂය කරුණු කිහිපයක් වෙත අවදානය යොමුව ඇත එනම්.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ හා සංයුක්ත කිරීමට රජය සැලසුම් සකස් කර ඒ මගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (culture of technology Innovation) නිර්මාණය කිරීම පළමු කරුණයි.

රාජ්‍ය යාන්ත්‍රණය සරල කිරීම හා වෙළෙඳ පොළ ක්‍රියාවලිය සරල කිරීම මෙම අමාත්‍යංශයේ තවත් සුවිශේෂී අරමුණකි එලෙසම තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරිමද නව අමාත්‍යාංශයේ තවත් ප්‍රමුඛතාවයකි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *