ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වය ඉදිරි පැය 48 තුළදී අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් ගිනිකොණ දිග බෙංගාල බොක්ක – උතුරු අන්දමන් මුහුද සහ දකුණු අන්දමන් මුහුද ගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 72 තුළ ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී සිටියි.
තවද ඉදිරි පැය 24 ක කාලය තුළ ගිණිකොණ දිග අරාබි මුහුද ප්‍රදේශය ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසටයි වැඩිදුරටත් උපදෙස්දී ඇත්තේ.
දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස දන්වා තිබෙනවා