ධම්මික බණ්ඩාර මහතා කොරෝනා ඖෂධ පැණියේ නිෂ්පාදන කටයුත්තෙන් ඉවත්වන බව ප්‍රකාශ කරයි.
කෙසේ නමුත් තමන් ජීවත් වන ගම් ප‍්‍රදේශයේ සියළු දෙනාට එකී ඖෂධය ලබා දෙන බවත් ඉන්පසුව මෙම ඖෂධය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් ඔහු සඳහන් කරයි.
දෙසැම්බර් 25 වන දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වරකාපොළ ප්‍රාදේශිය සභා මන්ත්‍රී පණ්ඩුකාභය රාජකරුණා මහතා මේ පවසා සිටියේ, ධම්මික බණ්ඩාර මහතා තමන්ට ඒ බව පැවසූ බවයි.