දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
අධිකරණයේ අභියෝගයට ලක් වූ පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇතැයි කථානායකවරයා වැඩිදුරටත් පැවසීය. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කරන ලදී.