දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු 210ක් සඳහා බඳවා ගැනීම් සිදු කරන්න : සියඹලාපිටිය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු 210 ක් කඩිනමින් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා උපදෙස් ලබා දුන්නේය.

දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සාමාජිකයින් සමඟ අමාත්‍යාංශයේ ඊයේ (26) පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති තනතුරු 66 සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය.

රටේ ආදායමට 60% ක පමණ දායකත්වයක් සපයන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විධිමත්ව පවත්වාගෙන යාමට උපරිම පහසුකම් සැලසීම රජයේ අරමුණ බව සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.

බදු ජාලය ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල්කරණය හඳුන්වාදීමේ ප්‍රධාන පියවර වන ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *