වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් පසු යළි සේවයට පැමිණෙන සේවකයන් දෙහිවල සත්වෝද්‍යානය සහ අධ්යක්ෂ ජනරාල්වරයාගේ වැඩ තහනම් කළහොත් සතුන්ගේ ජීවිත දැඩි අවදානමක පවතින බව ශ්‍රී ලංකා රාජ්‍ය පශු වෛද්‍ය සංගමයේ සභාපති එච්.එච්.ඒ.එස්. පියසිරි කීවේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සත්වෝද්‍යානයේ සතුන් මියයාමේ වරද එම දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් වෙත පැටවීමට ආන්දෝලනාත්මක වෘත්තීය සමිති නායකයින් උත්සාහ කරන බවයි.
එම සංගමයේ සාමාජිකයින් කිසියම් ආකාරයකින් සතුන්ගේ ජීවිතවලට හානි කිරීමට උත්සාහ කරන බව පෙනෙන අතර පසුව එහි වරද පශු වෛද්‍යවරුන් වෙත පටවන බව ඔහු පැවසීය.
තමන් කළ දේට එරෙහිව කිසිදු විනය විරෝධී හෝ නීතිමය ක්‍රියාමාර්ගයකට යටත් නොවී වෘත්තීය සමිති සාමාජිකයින් සුපුරුදු පරිදි වැඩට පැමිණියහ. විරෝධතාවයෙන් පසුවද ඔවුන් තවදුරටත් සතුන්ට කරන හානිය, කූඩු අගුළු වෙනස් කිරීම, ජල සම්පාදන පද්ධතියට හානි කිරීම, සතුන්ට කෑම දීමට ඉඩ නොදීම වැනි ක්‍රියාවල නිරත වූ බවද පියසිරි පැවසීය.
සත්වෝද්‍යානයේ තවත් සත්ව මරණ සිදුවිය හැකි බවත් එම මරණවල වගකීම අධ්යක්ෂ ජනරාල්වරයා සහ පශු වෛද්‍ය නිලධාරීන් විසින් දැරිය යුතු බවත් එම සංගමයේ නායකයින් පසුගියදා සිදුකළ විරෝධතාවයේදී ප්‍රකාශ කළ බවද ඔහු කියා සිටියේය.
එබැවින් හිතුමතේ සතුන්ට හිංසා කිරීමට උත්සාහ කිරීම නිසා වෘත්තීය සමිති නායකයන් කෙරෙහි සාධාරණ සැකයක් මතුව තිබේ.
“දෙහිවල සත්වෝද්‍යානයේ වෘත්තීය සමිතිකරුවන්ගේ නොහොබිනා ක්‍රියා ගැන නිසි පරීක්ෂණයක් කරන තුරු ජාතික සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල්වරයා දින 14ක් සේවයෙන් ඉවත්ව සිටියා.තවමත් වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයෙක්වත් පත්කරලා නැහැ.සත්වෝද්‍යාන පරිපාලනය කඩාවැටිලා. පශු වෛද්‍ය නිලධාරීන්ට දෙපාර්තමේන්තුවේ රාජකාරි කිරීමට විශාල දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වෙනවා.
සත්වෝද්‍යානයේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් අහිංසක ජීවීන්ට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඒ සඳහා මැදිහත් වන ලෙස පශු වෛද්‍ය නිලධාරීන් ජනාධිපතිවරයාගෙන්, විෂය භාර අමාත්‍යවරයාගෙන් සහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද පියසිරි මහතා පැවසීය.
එම නිසා ඉදිරියේදී රටපුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා දිවයිනේ අනෙකුත් සියලුම පශු වෛද්‍ය සංගම් සමඟ සාකච්ඡා කිරීමට අප මධ්‍යම කාරක සභාව තීරණය කළ බවද පියසිරි මහතා වැඩිදුරටත් පැවසීය.