දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ එකම ශල්‍ය වෛද්‍යවරයා රටින් පිටව ගොස් සියලු ශල්‍යකර්ම නතර කර රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත් කිරීම හේතුවෙන් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල අර්බුදයකට ලක්ව තිබේ.
මෙම කනස්සල්ල රෝහල් අධ්යක්ෂවරයා විසින් ලිපියක් මාර්ගයෙන් අදාළ සෞඛ්‍ය බලධාරීන් වෙත දන්වා ඇති අතර, ඒ පිළිබඳව තවමත් පියවර ගෙන නොමැත.
එම ලිපියට අනුව හදිසි සැත්කම් ඇතුළුව සැත්කම් 50ක් අත්හිටුවා ඇත.
පොළොන්නරුව රෝහල ඇතුළු අවට රෝහල් වෙත රෝගීන් යොමු කළද එම රෝහල්වල පවතින තදබදය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ඒ නිසා වහාම පියවර ගෙන මෙම බරපතල තත්ත්වයට පිළියම් යොදන ලෙස රෝහල් අධ්යක්ෂවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.