දෙසැම්බර් 22 යළි පාසල් නිවාඩු; නව පාසල් වාරය ලබන වසරේ පෙබරවාරි 2 වැනිදා: ඇමති

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර සඳහා පාසල් නිවාඩු අද ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව තුන්වන වාර පාසල් නිවාඩුවේ දෙවන අදියර දෙසැම්බර් 22 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

කොළඹ ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ නව පාසල් වාරය 2024 පෙබරවාරි 2 වනදා යළි ආරම්භ වන බවයි.

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් 1 වැනිදා ආරම්භ විය.

දෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 27) අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *