දෙසැම්බරයේ පාතාලය-කුඩු ඉවර කරනවා

ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ලංකාවෙන්  පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

කුමන බලපෑම් පැමිණිය ද යුක්තිය  මෙහෙයුම නතර කරන්නේ නැතැයි කී අමාත්‍යවරයා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඒ කාර්ය භාරය සිදු කරන බව කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේ පැවති රැස්වීමක් අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *