දූෂිත ලැයිස්තුවේ ඉහළින්ම ඇති මෝටර් රථ දෙපාර්තමේන්තුව ලංකාවේ හොඳම රාජ්‍ය ආයතනය බවට පත්කරනවා – අමරවීර

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් නිතුක් කරන ස්මාර්ට් රියදුරු බලපත්‍රය හරහා ලබාගන්නා මුදල් රජයට ලබාගැනිමට ඉදිරියේ දී කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් නිතුක් කරන ස්මාර්ට් රියදුරු බලපත්‍රය හරහා ලැබෙන මුදල් රජයට නොලැබෙන බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බවත්ය

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව රටේ ඇති දූෂිතම ආයතන ලැයිස්තුවේ ඉහළින්ම ඇති ආයතනයක් බවත් එය වසර තුනක් යාමට පෙර ලංකාවේ අති හොඳම රාජ්‍ය ආයතනය බවට පත් කිරීමට බලාපොරත්තු වන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *