දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය…

දූෂණ මර්දන පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අනුමැතිය ලැබී තිබේ.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022.07.18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව රජය ප්‍රකාශ කළේය.

නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද එකී කෙටුම්පත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇත.

ඒ අනුව රජයේ ගැසට් නිවේදනයට අදාළ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *