දුරකථන සිම්පත නිසිපරිදි ලියාපදිංචි කිරීම යුතුකමක්

සියලුම පුද්ගලයන් පාවිච්චි කරන දුරකථන සිම්පත ලියාපදිංචි කිරීම යුතුකමක් බවත් තමන් පාවිච්චි කරන දුරකථන සිම්පත නිසිපරිදි ලියාපදිංචි කර ඇද්දැයි #132# යන සළකුණ යොදා පරීක්‍ෂා කළ හැකි බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාවේ අධ්‍යක්‍ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය පැවසුවාය.

සිම්පතක් දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබේ නමින් සිම්පත් ලියාපදිංචි කර ඇද්දැයි එම සමාගම් සම්බන්ධ කරගෙන පරීක්‍ෂා කළ යුතු බවත් ඔබගේ ජාතික හැදුනුම්පත භාවිතා කර ඔබේ නමින් නොදුනුවත්ව සිම්පත් ලියාපදිංචි කර ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් ඇය පවසන්නීය.

ව්‍යාජ සිම්පත් භාවිතා කරමින් සමාජ විරෝධි වැඩ කරන බව වාර්තා වී ඇති බව කී මේනකා පතිරණ මහත්මිය හැදුනුම්පත අස්ථාගත වූ අවස්ථාවකදී එම හැදුනුම්පත භාවිතා කරමින් තුන්වැනි පාර්ශවයන් අනුදැනුමකින් තොරව සිම්පත් ගැනීම වැළැක්වීමට හැදුනුම්පත් අංකය දුරකථන සමාගම් ලවා අවහිර කළ යුතු බවත් විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාවේ අධ්‍යක්‍ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *