මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ගලවා නැවත සංවර්ධනය කිරීමට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරු නියාමකවරු විසින් ක්රියාත්මක කිරීමට තිබූ සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇත.
දුම්රිය රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඹගොඩ මහතා පෙන්වා දෙන්නේ එම මාර්ගය සම්පූර්ණයෙන්ම ගලවා නැවත ඉදිකිරීමට වසරකට අධික කාලයක් ගතවන බැවින් මහව සිට ඕමන්තේ දක්වා වෙනම දුම්රිය මාර්ගයක් ඉදිකර එය ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට පත්කළ කළ යුතු බවයි. වසරකට අධික කාලයක් දුම්රිය ගමනාගමනය නවතා දැමුවහොත් දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදුවන බවයි ඒ මහතා පවසා සිටින්නේ.