දුම්රිය ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය.

දුම්රිය ගාස්තු සංශෝධනයට අද කැබිනට් අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගාස්තු ඉහළ යනු ඇත.

“දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාවක් සම්පාදනය කරන ලෙස මම දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් දී තිබෙනවා,” ඔහු අවධාරණය කළේය.

“පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව” ඔහු වැඩිදුරටත් පැවසීය.

නව දුම්රිය ගාස්තු පිළිබඳව ඉදිරියේදී මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන බව අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *