දීමනා පිළිඹද ගැටලුවක් නම් ඒ බව මේ අංකයට දැනුම් දෙන්න

ජනතාවට ලබාදුන් දීමනා සම්බන්ධව ගැටලු ඉදිරිපත් කිරිමට විශේෂ දුරකථන අංකයක් රජය විසින් ලබා දී තිබේ. 0114 35 45 50 යන දුරකථන අංකය ඇමතීමෙන් අදාල තොරතුරු ලබාදිය හැකි බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

මෙහි අරමුණ වන්නේ රජය ලබාදෙන තීන්දු තීරණ කි‍්‍රයාත්මක නොවීම, වැඩිහිටි දීමනා සහ සමෘද්ධි දීමනා ඇතුළු කරුණු පිළිඹදව මතුවන ගැටලුවලට ක්ෂණිකව විසදුම් ලබාදීම වන බවත්, එබැවින් මෙම දුරකථන අංකය පැය 24 පුරාම කි‍්‍රයාත්මක වන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *