දිස්ත්‍රික්ක 15ක පුද්ගලයන් 181,676ක් අතර ජලය බෙදා හැරේ

පවතින නියං තත්ත්වයට පිළියමක් ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආපදා සහන මධ්‍යස්ථානය එක්ව දිස්ත්‍රික්ක 15ක් ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 52ක් සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය බෙදා දුන් බව දිස්ත්‍රික් අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය.

ගෙවී ගිය මාස එකහමාරක කාලය තුළ පවුල් 52,435කට අයත් පුද්ගලයන් 181,676ක් සඳහා පානීය ජලය බෙදා දුන් බවද හෙතෙම කීය.

“අම්පාර, මඩකලපුව, යාපනය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ජනතාව නියඟ තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

ජලය බෙදා හැරීම සඳහා රජය රුපියල් මිලියන 4.5 ක් අනුමත කර ඇති බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *