ගම්පහ, දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ -19 වැළදී ඇති අතර, අදාළ පුද්ගලයින් පසුගිය දිනක අලුත්නුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එම පුද්ගලයන් පසුගිය දිනක අලුත්නුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
ඔවුන්ගේ ආශ්‍රිතයින් 162ක් පී.සී.ආර්.පරීක්ෂණයට යොමු කර ඇත. ඊට අමතරව මෙරට කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති අතර ඉන් තුනක්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා විණි. තවත් මරණ දෙකක් රත්නපුරයෙන් සහ සෙවනගල ප්‍රදේශයෙන් වාර්තා විය.