පොලිස් මූලස්ථානය පැවසුවේ,කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත දේවමෙහෙයට අදාළව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවයි.
එළඹෙන 20වනදා පස්වරු 4.00 සිට 21 වනදා දහවල් 12.00 දක්වා එම දේවමෙහෙය පැවැත්වීමට නියමිත අතර, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එම කාලසීමාව තුළ විශාල ජනතාවක් දේවස්ථානය වෙත පැමිණීම අපේක්ෂා කරන බැවින් එම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවය. ඒ පිළිබඳ විස්තර පහතින්,