දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යපාරික කටයුතු අද පස්වරුවේ සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන්හි ගොවීන්ට හා ව්‍යාපාරිකයින්ට තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ඒම ඇඳිරි නිතිය බල පැවැත්වෙන කාලය තුළදී සිදුකල හැකි බවයි. ඒ සදහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමේදී අවශ්‍යම පුද්ගලයින් පමණක් පැමිණෙන ලෙසටත් දෑත් සේදීම සදහා පහසුකම් ආර්ථික මධ්‍යස්ථානය තුල සලසා ඇති බවත් පැමිණෙන සියලු දෙනා මුව ආවරණ පැළඳ පැමිණීම අනිවාර්ය බවත් ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.