ත්‍රිරෝද රථවලට පනවා ඇති පැයට කි.මී 40 වේග සීමාව පැයට කි.මී 50 දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසට ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රවාහන ඇමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ.
එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ශාන්ත බණ්ඩාර මහතා පවසා ඇත්තේ ත්‍රීරෝද රථ වලට දීලා තියෙන වේග සීමාව පැයට කි.මී. 40 වුවත්, සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක් පැයට කි.මී. 40 වේගයට වඩා වැඩි වේගයකින් ධාවනය වන බවත්, බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන් ඉල්ලා සිටින්නේ වේග සීමාව පැ.කි.මී. 50 දක්වාවත් වැඩි කර දෙන ලෙසටයි. එම තත්වය මත ත්‍රිරෝද රථවලට පනවා තිබෙන වේග සීමාව පැයට කි.මී. 40 සිට 50 දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස තමා ඉල්ලා සිටින බවයි.
එයට පිළිතුරු ලබා දුන් ප්‍රවාහන ඇමැති ගාමිණි ලොකුගේ මහතා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් තමාට එක්වරම සෘජු පිළිතුරක් ලබා දීමේ හැකියාවක් නොමැති බවත්, ගමනාගමන කොමිෂන් සභාව වෙත යොමු කර, එම නිර්දේශ මත ඊට අදාළව කටයුතු කිරීමට හැකියාවක් ඇති බවයි.