කොරෝනා

තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය තිදෙනෙක්ට කොරෝනා රෝග ලක්ෂණ

හැටන් දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශිය මාධ්‍යයවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකුත් දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කල බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පවසනවා.

අදාල මාධ්‍යයවේදියා අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිඹද කටයුතු සිදුවූ බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු අවස්තාව මාධ්‍යය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණ තිබේ.

අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු එම මාධ්‍යයවේදියාට කොරෝනා රෝග ලක්ෂණ කිහිපයක් මතු වි ඇති බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටි බැවින්
එම මාධ්‍යයවේදියා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර් පරික්ෂණයක්ද සිදු කරගෙන ඇත.

අදාළ පි.සි.ආර් වාර්තාව ලැබිමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් යලිත් වතාවක් පි.සි.ආර් පරික්ෂණයකට යොමු කරන බවත් එතෙක් එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කල බවත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *