තිරිඟු පිටි මිල ඉහළට – පාන් බනිසුත් වැඩිවෙන හැඩ

ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම කටයුතු කර ඇත. ඊට සමගාමීව අනෙකුත් බෙදාහැරීමේ නියෝජිතයින්ද මෙසේ තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති අතර මහජන අයිතීන් සුරැකීමේ සංගමය මීට විරුද්ධව අධිකරණයට යන බවද ප්‍රකාශ කර තිබිණි.

මේ අතර තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමග පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ නැංවීමට තීරණය කර ඇතැයිද ඒ සම්බන්ධ අවසන් තීරණයක් අද(17) ගන්නා බවද බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

(Image – www.sherrybakeryequipment.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *